මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුබ තමයි මුලින්ම සුබ පැතුවේ
උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුබට මගේ හීනෙට හරි එනවට
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොදින්
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
තනියම අඩනවා නිදියනකන් තාම
අම්මේ නුබ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
නරකාදිය ඉදි කරන් - ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.